හැම දෙනාම කථාකරනවා ලංකාවෙි කඩාවැටීම ගැන. හැබැයි කාගාවත් පැහැදිලි උත්තරයක් නෑ.
මගේ හැගීම රජයේ සේවය. නමුත් ඇයි කියලා හිතා ගන්න බැරිව මෙතෙක් කල් හිටියේ.
අපි කාටත් පෙනෙනවා, විවුර්ත ආර්ථිකය, බටහිර රටවල් පෙන්වන සාර්ථක භාවය අපේ රටේ පෙන්වන්නේ නැති බව. විවුර්ත ආර්ථිකය ඉතා හොඳ ක්‍රම වේදයක්, මෙය නොමැතිව බැරි බව කොමියුනිස්ට් රටවලට තේරී ඒ පැත්තට බර වෙලා තියනවා. එතකොට ඇයි අපේ රටේ අසාර්ථක?
හේතුව මේකයි, විවුර්ත ආර්ථිකය සමග අපේ රජයේ සේවයත් විවුර්ත ආර්ථිකයේ කොටසක් වීමට පටන් ගත්තා. හැම බඳවා ගැනීමක්ම තරඟ විබාග මගින් කිරීමටත් සුදුසුකම් සදහා පමණක් බරදීමටත්, මුලින් තිබූ සම්මුක පරීක්ෂණ වලින් ලකුණු දීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම නවතා, නාමික සම්මුක පරීක්ෂණ පමණක් පවත්වා, එහිදී සහතික පරීක්ෂාව පමණක් සිදුකරන්න පටන්ගත්තා. ඉස්සර සම්මුක පරීක්ෂණ වලදී අයදුම් කරුගේ චරිතය සම්බන්ධව මනා විශ්ලේෂණයක් කිරීමටත්, බදවා ගැනීම් වලට තදින් බලපෑම් කිරීමටත් සම්මුක පරීක්ෂණ මණ්ඩලයට හැකියාවක් තිබුනා (මේ ක්‍රමය සියයට සීයක් සාදාරන නොවෙන්න පුලුවන්). දැන් එහෙම කලොත් උසාවි යනවා.
රජයේ සේවකයාට සද්භාවය (common sence) හා උපරිම හොද විශ්වාසය (utmost good faith) තිබිය යුතුයි, මීට අමතරව සංවේදනය(empathy) හා අනුකම්පාව (sympathy) යන ගුණාංග තිබිය යුතුයි. නමුත් දොස්තරලා ගේ පවා මේ ටික නැති බව සාමාන්‍ය පිලිගැනීමයි. මේ කරුණු මැන බැලීම, සුදුසුකම් වලින් කරන්න බෑ. තරඟ විබාග මගින් නිර්මාණශිලීත්වය මැනීමෙන් බැහැර වීමටත්, පටන් ගත්තා, කටපාඩම් කිරීමට දක්ෂයන් සේවයට ගත්තා, නිර්මාන ශීලීත්වය සම්පූරණයෙන්ම නැති උනා. දැන් අපේ රජයේ සේවය විවුර්ත ආර්ථිකයේ කොටසක්.
රජයේ සේවයෙන් වියයුත්තේ, පුද්ගලික අංශය නිවැරදිව පරිපාලනය කිරීමයි. මේ කටයුත්ත කිරීමට, පුද්ගලික අංශයට සම්පුර්ණ වෙනස් ක්‍රම වේද රජයේ සේවයේ තිබිය යුතුයි. හොද උදාහරණයක් තමයි පුද්ගලික අංශයේ ඵලදායක තාවය මැනිමේ ක්‍රමය, රජයේ සේවට අදාල කිරීම. අවුරුදු 40 කට 50 කට පෙර අනර්ග රජයේ සේවයක් මේ රටේ තිබුනා, පුද්ගලිකරනය රජයේ සේවය ගිල ගත්තා. පුද්ගලික අංශයත් රජයේ සේවයත් අතර කිසි වෙනසක් නැති තත්තවයකට පත් උනා.
මීට අමතරව, රජයේ සේවය රැකියා නිශ්පාදනය කිරීමේ උල්පතක් බවට දේශපාලඥයන් පත්කරගත්තා. එය කලේ දූෂණය මගින් ලාබ ලැබීමට වඩා, ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථයෙන්. නමුත් අවසන් ප්‍රතිඵලය උනේ වංචාව.
බටහිර දියුණු රටවල ඉතාමත් හොඳ රජයේ සේවයක් තියනවා. ඉන්දියාවේ පවා අගනා රජයේ සේවයක් තියනවා.
මං දැකලා තියනවා, රජයේ සෙවයේ පරිහානිය, උදාහරණයකට, රජයේ සේවකයන් ගේ ක්‍රිඩා සදහා තිබුනු උවමනාව හා දැනීම, ඔය කියන කාල පරිච්ඡේදයේ ඒ සඳහා ඇති කැමැත්ත බරපතල ලෙස අඩු උනා. මෑත රජයේ සේවකයින්ට සුදුසුකම් ගත්තාම උපරිමයි, පස්චත් උපාධි, ඩිප්ලොමා, නමුත් අලුත් දේ නිර්මාණය කිරීම ඉතා අඩුයි.
දැන් ඉන්න රජයේ සේවකයින්ට මේ කඩාවැටීමට දොස් කියන්න බෑ, වැරැද්ද පටන් ගත්තේ අධ්‍යාපන ක්රමයේ ඉදන්, පහේ ශිෂ්ශත්වයේ ඉදන්.
රජයක් ව්‍යාපාර කලයුත්තේ ඇයි? එක, ආදායම් ලැබීමට. ඇයි රජය මේ වැඩයට අත පුලුස්සා ගන්නේ? රජයේ ආදායම් වැඩි කිරීමට පුලුවන් බදු අය කිරීම මාර්ගයෙන්. දෙක, පුද්ගලික අංශයෙන් සේවාව හරියට නොලැබෙන විට, හරියට සතොස වගේ. මෙතන වැරැද්ද, හොද රජයේ සේවයක් ඇතිවිට, පුද්ගලික අංශයෙට සාධාරණ බලපෑම් කිරීම මගින්, මහජනයාට උපරිම සේවයක් ලබාදීමට හැකි වීම.